ශ්‍රී ලංකා
පදනම ජාතික නායකත්ව, අධ්‍යාපන සහ
පුහුණු ආයතනය ලෙස විවිධ වටිනාකම්වලින් යුතු අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දෙන පිළිගත් ආයතනයක් ලෙස පෙරමුනේ සිටී. සමාජ හා
ආයතනික සංවර්ධන අංශය විවිධ පරාසයන් ආවරණයවන අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කිරීම
තුළින් පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරමින්
සිටී.
ඒ අනුව දේශපාලන
න්‍යාය හා භාවිතය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව (Certificate
Course on Political Theory and Practice) දේශපාලන
විද්‍යාවේ මූලික සංකල්පයන් න්‍යායන් හා භාවිතයන් පිළිබදවත් ශී‍්‍ර ලංකාවේ දේශපාලන
ක්‍රමය පිලිබඳවත් ඉගැනීමට කැමති දේශපාලඥයින්, වෘත්තිකයින් හා දේශපාලන විද්‍යා විෂය ක්ෂේත්රය
පිලිබඳව හැදෑරීම කැමති අය සඳහා ඉලක්ක ගතකර සකස් කර ඇත. දේශපාලන විද්‍යාව පිළිබඳ
හැදින්වීම, රාජ්‍ය හා එහි
මූලික ආයතනයන, ප්‍රධාන
දේශපාලන න්‍යායන්, මතවාදයන්,
කැබිනට් හා ජනාධිපති ක්රමයන්,
ඒකීය හා සන්ධීය ක්රමයන්
සහ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය හා එහි ප්‍රායෝගික භාවිතය යන ක්ෂේත්‍ර ආවරණය
කෙරේ.
මීට අමතරව ඊට
සමගාමීව ගමන් කරන මානව සබඳතා හා ගැටුම් කළමනාකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව (Certificate
Course in Human Relationships and Conflict Management) ආරක්ෂක අංශ වල
සේවයේ නියුතු අය, සිවිල් සමාජ ක්‍රියාකාරීන්,
විධායක නිලධාරීන් හා
ගැටුමි කළමනාකරණය පිලිබඳ අධ්‍යයනය කිරීමට කැමති අය සදහා ඉලක්ක ගතකර සකස් කර ආරම්භ
කිරීමට නියමිතය. ඒ තුළින් මානව සබඳතා හා ගැටුම් පිළිබද හැඳින්වීම, ගැටුම්කාරී මානව සබඳතා
හැසිරවීමේ ශෛලීන්, සමථකරණය හා
පහසුකම්කරණය, යහපත් මානව සබඳතා
සඳහා අවිහිංසාවාදී සන්නිවේදනය සහ ගැටුම් වි`සදීමේ නිර්මාණශීලී ක්‍රමවේදයන් යන ක්ෂේත්‍ර
ආවරණය කෙරේ.
ආරම්භක
අවස්ථාවේ පටන් මේ දක්වා මෙම පාඨමාලාව සඳහා සුවිශේෂී අවධානයක් දේශපානයේ නියුතු ක්‍රියාකාරීන්
තුළ ඇතිවෙමින් පවතින බව ලැබෙන විමසීම් තුළින් අනාවරණය වී ඇත. වෘත්තීය සුදුසුකම්
ලත් දේශපාලන ක්‍රියාකාරීන් වැඩිවශයෙන් බිහිකර ගැනීමට ඉඩ ප්රස්ථා විවර කරදීම
කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.
ශ්‍රී ලංකා
පදනම තුළ විවධ පරාසයන්ගෙන් යුතු විෂය ආවරණයන් සහිත විවිධ අත්දැකීම් සම්භාරයක්
ඒකරාශීව තිබෙන හෙයින් වැඩි වටිනාකමක් සහිත වෘත්තීය දැනුමක් ලබාදීමට සුදුසු
පරිසරයක් නිර්මාණය වී තිබේ. එහිදී භාෂා හා තොරතුරු තාක්ෂණ අංශය, මනෝ විද්‍යා හා උපදේශන
ඒකකය, සංචාරක හා
ආගන්තුක සත්කාර කළමනාකරණ අංශය, ව්‍යාපාර හා
ආයතනික සංවර්ධන අංශය, ඩිජිටල් සිනමා
පාසල සහ යහපැවැත්ම සඳහා වූ මධ්‍යස්ථානය යන පුළුල් අධ්‍යාපන අංශ තුළින් මෙම දැනුම
ලබාදීමට අවස්ථාව සැලසී ඇත. මෙම පාඨමාලාවන් පිලිබඳ වැඩිදුර විස්තර කථිකාචාර්ය අරුණ
ජයතිලක මහතා
0772
908 054 / 0714 539 478 හෝ අධ්‍යාපනික
සේවා අංශයේ කෝසල මහතා (0785 387 720) අමතා ලබාගත හැකිය.
ජායාරූපය
ශ්‍රි ලංකා පදනමේ - සමන්ත රත්නායක - අධ්‍යාපන කටයුතු උපදේශක, ආර්. එම්. විජේරත්න - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, අරුණ ජයතිලක - කථිකාචාර්ය ඇතුළු පිරිස