Monday, October 6, 2014

සරසවි සිසුන්ට ලබා දෙන නායකත්ව පුහුණුවට ශ්‍රී ලංකා පදනමෙන් කැපී පෙනෙන දායකත්වයක්.

එක වහලක් යට සියලු පහසුකම් සහිත රාජ්‍ය ආයතනයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ අධීක්ෂණය වන 1973 දී පාර්ලිමේන්තු පනතකින් සම්මත කර පිහිටුවන ලද; පාලක මණ්ඩලයකින් ක්‍රියාත්මක වන සුවිශේෂී ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පදනම  ජාතික නායකත්ව, අධ්‍යාපන සහ පුහුණු ආයතනය ලෙසින් ලෙස විවිධ වටිනාකම්වලින් යුතු අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දෙන පිළිගත් ආයතනයක් ලෙස පෙරමුනේ සිටී.  මෙනිසා විවධ පරාසයන්ගෙන් යුතු විෂය ආවරණයන් සහිත විවිධ අත්දැකීම් සම්භාරයක් ඒකරාශීව තිබෙන හෙයින් වැඩි වටිනාකමක් සහිත වෘත්තීය දැනුමක් ලබාදීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරනු අටියෙන් කිසිදු ආයතනයකට සම කල නොහැකි ලෙස අංශ හතකින් යුතුව ශ්‍රී ලංකා පදනමේ ගමන් මග සවිමත් වී ඇත. සමාජ හා ආයතනික සංවර්ධන අංශය, මනෝ විද්‍යා හා උපදේශන ඒකකය, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ අංශය, ව්‍යාපාර හා ආයතනික සංවර්ධන අංශය,  භාෂා හා තොරතුරු තාක්ෂණ අංශය, ඩිජිටල් සිනමා පාසල සහ යහපැවැත්ම සඳහා වූ මධ්‍යස්ථානය යන අධ්‍යාපන අංශ ශ්‍රී ලංකා පදනම තුල මෙලෙස පිහිටුවා ඇති අධ්‍යාපනික අංශ වේ.    

සරසවි ප්‍රවේශය ලද  සිසුන් කේන්ද්‍ර කර ගනිමින් රජය මගින් ලබා දෙන නායකත්ව පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පදනෙම් අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සුවිශේෂී දායකත්වයක් එක කෙරෙමින් සිටී. උපදේශනය, මාර්ගොපදේශනය සහ ජීවන කුසලතා යන තේමා 3 යටතේ ක්‍රියාකාරකම් මත පදනම්ව  දේශන මාලාව  මගින් ඒ ඒ පුහුණු මධ්‍යස්ථාන වලදී එකී සිසුන්ට ලබා දීම සිදු කෙරේ.  මෙම ක්‍රියාවලිය විශ්ව විද්‍යාලය තුලට පිවිසෙන සිසුවාට විශ්ව විද්‍යාල තුල ඇති වෘත්තීය මාර්ගෝපදේශන, උපදේශන සේවා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වීම තුලින් සිය ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන මූලික දිරිගැන්වීමක් ලෙසමෙම ක්‍රියා වලිය හඳුන්වා දිය හැකිය.  එහිදී ශ්‍රී ලංකා පදනමේ සභපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, අධ්‍යාපන කටයුතු උපදේශක සමන්ත රත්නායක, ජ්‍යෙෂ්ඨ පුහුණු සම්බන්ධීකාරක අජිත් ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.  එම්.  විජේරත්න, කතිකාචරිනී ටීනා සොලම්න්ස් ඇතුළු දේශක මඩුල්ලකගේ දායකත්වයෙන් මෙම වැඩසටහන් සාර්ථක කරගැනීමට අවශ්‍ය පන්නරය ලැබෙනු ඇත. පොදුවේ ගත්කල මෙම පුහුණු වැඩසටහන තුලින් සිදු දරුදැරියන්ගේ අනාගත දිවිය සඳහා නව මං විවර කර දීමට යෝධ අඩිතාලමක්  වැටෙන බව අපගේ පිළිගැනීම වේ.       

No comments:

Post a Comment