වැඩිවන තරඟය,
තරඟකාරීත්වය හා තහනම් උත්තේජක භාවිතය පිළිබඳව තුලින් දිගුකාලිව ශ්‍රී ලංකික සමාජයට
සිදුවිය හැකි අනාගත තත්වය පිළිබඳව සහ ඉන් ඇතිවන අතුරු අබාධ හේතුකොටගෙන ජාතික,
අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකික ක්‍රීඩා ක්ෂේත්රයට
විය හැකි බලපෑම ගැන සාකච්ජා කිරීම සඳහා “තරඟය, තරඟකාරීත්වය හා තහනම් උත්තේජක” යන මැයින් ප්‍රසිද්ධ දේශන මාලාවකට ශ්‍රී ලංකා පදනමේ යහපැවැත්ම සඳහා වූ
මධ්‍යස්ථානය පසුගිය දිනෙක මුල පුරන ලදී.
ශ්‍රී ලංකා පදනම ජනාධිපති ලේකම්
කාර්යාලයේ අධීක්ෂණය යටතේ කටයුතු කරන ජාතික නායකත්ව, අධ්‍යාපන සහ
පුහුණු ආයතනය ලෙසින් ලෙස විවිධ වටිනාකම්වලින් යුතු අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා
දෙන පිළිගත් ආයතනයක් ලෙස පෙරමුනේ සිටී.ව්‍යාපාර හා ආයතනික සංවර්ධන අංශය, විවිධ පරාසයන්
ආවරණයවන අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළින් පුරෝගාමී කාර්යභාරයක් ඉටු කෙරේ.
මෙනිසා විවධ පරාසයන්ගෙන් යුතු විෂය ආවරණයන් සහිත විවිධ අත්දැකීම් සම්භාරයක්
ඒකරාශීව තිබෙන හෙයින් වැඩි වටිනාකමක් සහිත වෘත්තීය දැනුමක් ලබාදීමට සුදුසු
පරිසරයක් නිර්මාණය කරනු අටියෙන් සමාජ හා ආයතනික සංවර්ධන අංශය, මනෝ විද්‍යා හා
උපදේශන ඒකකය, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ අංශය, භාෂා හා තොරතුරු
තාක්ෂණ අංශය, ඩිජිටල් සිනමා පාසල සහ යහපැවැත්ම සඳහා වූ මධ්‍යස්ථානය යන
අධ්‍යාපන අංශ ශ්‍රී ලංකා පදනම තුල පිහිටුවා ඇත.
ශ්‍රී ලංකා පදනමේ
යහපැවැත්ම සඳහා වූ මධ්‍යස්ථානය තුලින් වත්මන් සමාජයේ ශ්‍රී ලාංකිකයන් හට සිය කායික
සහ මානසික යහපැවැත්ම උදා කරනු වස් විවිධාකාර වැඩසටහන් ක්‍රියාවට නංවයි. ශ්‍රී ලංකා
පදනමේ සභාපති මහාචර්ය රංජිත් බණ්ඩාරයන්ගේ මගපෙන්වීම ඔස්සේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භාරත හේරත් මහතාගේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා පදනමේ අධ්‍යාපන
කටයුතු උපදේශක සමන්ත රත්නයක මහතාගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියාමනය
සඳහා වූ නියෝජිත ආයතනය සමග එක්වී සංවිධානය කල “තරඟය, තරඟකාරීත්වය හා තහනම්
උත්තේජක” ප්‍රසිද්ධ දේශනය එලෙස ඇරඹි විශේෂ වැඩසටහනක මූලික පියවරයි.උක්තව සඳහන් කරන
ලද තහනම් උත්තේජක භාවිතයට හුරු වීම නිසා ශ්‍රී
ලංකික ක්‍රීඩා ක්ෂේත්රයට ඇති කෙරෙන බලපෑම සහ ඉන් සිදුවිය හැකි අනිටු විපාක ඔස්සේ
ජාතික ක්‍රීඩා අනාගතයට එල්ල වී ඇති දැවැන්ත අභියෝගය සහ එයට මුහුණ දීමට නම් ක්‍රීඩාවට
ආදරය කරන සහ ක්‍රීඩාවේ නිරත වන්නන් විසින් ඉටු කල යුතු කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව මෙම දේශනය තුලදී අවධානයට
ලක් කරන ලදී.
මෙහිදී ආරාධිත දේශන
සිදුකිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක නියාමනය සඳහා වූ නියෝජිත ආයතනය වෙනුවෙන් එහි
අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම සහ අධ්‍යක්ෂිකා වෛද්‍ය ශිරෝමි පිලපිටිය, ක්‍රීඩා සංවර්ධන
දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි සහකාර අධ්යක්ෂ ජාතික බර ඉසිලීම් සහ ක්‍රීඩා
පුහුණුකරු ආර්. බී. වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පදනම වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භාරත හේරත් සහ ශ්‍රී ලංකා පදනමේ අධ්‍යාපන කටයුතු උපදේශක සමන්ත
රත්නයක යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී විය.
ජෝර්ජ් ස්ටුව්ර්ට් හෙල්ත් සහ O2 කැම්පස් යන ආයතන මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රාහක සහය ලබා දෙන ලදී
No comments:
Post a Comment