Tuesday, September 9, 2014

ශ‍්‍රී ලංකා පදනම, ඔවින්කා ලේක් රිසෝට් හවුල්කාරත්ව අවබෝධතා ගිවිසුමක



නායකත්ව අධ්‍යාපන හා පුහුණුව සඳහා වු ජාතික කේන්ද්‍රය ලෙසින් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ කටයුතු කරන ශ‍්‍රී ලංකා පදනම ඔවින්කා ලේක් රිසෝට් හා සහයෝගීතාවයකට එළඹීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

ඒ අනුව ශ‍්‍රී ලංකා පදනමෙහි ආගන්තුක සත්කාර කළමනාකරණ ඒකකය ඔවින්කා ලේක් රිසෝට් සමග ඇතිකරගත් හවුල්කාරිත්වය තුළින් පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරනු ඇත.

ශ‍්‍රී ලංකා පදනමෙහි ආගන්තුක සත්කාර කළමනාකරණ ඒකකය දැනට ක‍්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් රටේ සංවර්ධනයට අගය එකතු කිරීම මගින් ජාතික ආර්ථිකයේ සංවර්ධනය ඇති කරලීම සඳහා කටයුතු කරයි.  ශ‍්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික වැව වන බොල්ගොඩ වැවෙහි දකුණු කොටසෙහි පිහිටා තිබෙන පරිසර හිතකාමී ඔවින්කා ලේක් රිසෝට් ආයතනය එහි පැමිණෙන ආගන්තුකයන්ට නිදහසේ විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා ගැළපෙන සාමකාමී වාතාවරණයක් ලබා දෙයි.  සොබා දහමට ආදරය දක්වන්නන්ට විවිධ වර්ගයේ පක්ෂීන්, තුරුලතා සහ සත්ව වර්ගයාගෙන් සැදි ඉතාමත් දර්ශනීය පරිසර පද්ධතියක අත්දැකිම් විඳ ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ආයතනයෙන් බැහැර වු නව වැඩසටහන් සංචාරක පුහුණු වැඩසටහන් හා මනෝවිද්‍යාත්මක හා උපදේශන වැඩ සටහන් හඳුන්වා දෙමින් මේ පාර්ශව දෙකෙහිම ව්‍යාපාරයන් ප‍්‍රවර්ධනය කරලිම මෙම හවුල්කාරිත්ව සහයෝගීතාවයේ අරමුණ වේ.  ඔවින්කා ලේක් රිසෝට් හි ඇති ස්වභාවික දර්ශනයත්, අති විශාල බොල්ගොඩ වැවෙහි අලංකාරය වැඩි කරමින් පැතිරී ඇති කඩොලාන අතුරින් නැගී එන කුරුළු නාදය, කාර්ය බහුල ජීවිත ගත කරන්නවුන්ට ඉතා අගනා නිදහස් පරිසරයක් ලබා දෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා ශ‍්‍රී ලංකා පදනමෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ආගන්තුක සත්කාර කළමනාකරණ ඒකකයෙහි සම්බන්ධිකාරක භාරත හේරත් මහතා දුරකථන අංක 071-8281883 ම`ගින් හෝ ඔවින්කා ලේක් රිසෝට්හි අධ්‍යක්ෂ චරිත ගුණතිලක මහතා දුරකථන අංක 077-2104626 මගින් අමතන්න.



ජායාරූපය :  ප‍්‍රීති ගුණතිලක කළමනාකාර අධ්‍යක්ෂ - ඔවින්කා ලේක් රිසෝට් , චරිත ගුණතිලක අධ්‍යක්ෂ- ඔවින්කා ලේක් රිසෝට් , ප‍්‍රිමාලි විජේවීර - ශ‍්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂ මුල්‍ය සහ පරිපාලන , සමන්ත රත්නායක - ශ‍්‍රී ලංකා පදනමේ අධ්‍යාපන කටයුතු උපදේශක , භාරත හේරත් - ශ‍්‍රී ලංකා පදනමේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය.

1 comment: