නායකත්ව අධ්‍යාපන හා පුහුණුව සඳහා වූ ජාතික කේන්ද්‍රය
ලෙසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වන රාජ්‍ය අනුබද්ධිත ආයතනයක්
වන ශී‍්‍ර ලංකා පදනම නායකත්ව සහ අධ්‍යාපන ක්ෂේත්රයෙහිමුළු වෘත්තීය ජීවිතයම ගතකළ ජ්‍යෙෂ්ඨතම
අධ්‍යාපන වෘත්තිකයින් ස්වේච්ජා වෘත්තික සංවිධානයක් ලෙස කි‍්‍රයාත්මක වෙමින් උපදේශකවරුන්
පුහුණුකරුවන්, ලේඛකයින්,
දේශකයින් සහ
පර්යේෂකවරුන් ලෙස කි‍්‍රයා කරන ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශා‍්‍රමික නිලධාරීන්ගේ
සංවිධානය: ORESO යන සංවිධාන
දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගිතා සම්බන්ධතාවක් ගොඩ නැගීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීම
පිණිසයි.
ශී‍්‍ර ලංකා පදනම විවිධ ක්ෂෙත්ර යටතේ මානව
සම්පත් සංවර්ධනය සඳහා නවීන අංගෝපාංග වලින් යුත් සිය මධ්‍යස්ථානය මඟින්යෝග්ය වැඩසටහන්
නිර්මාණය කරමින්ඉදිරිපත් කරන අතර, ඉහළම සුදුසුකම් සහ නිපුණතා ඇති කාර්ය මණ්ඩල යොදා
ගනිමින්ද අදාල පරිදි විවිධ බාහිර පාර්ශව සමඟ සහයෝගිතාවෙන්ද ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය
අංශයේ විශිෂ්ටතම අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානය බවට පත්වී තිබේ.
අධ්යාපනපරිපාලනසේවයේ විශ්‍රාමික නිලධාරීන්ගේ
සංවිධානය ජීවිත කාලයක්ම අධ්‍යාපන කාර්යයට කැපවී සේවයෙන් විශ්‍රාම ලැබීමෙන්පසුවද යාවජීව
සහ සන්තතික අධ්‍යාපන කි‍්‍රයාවලියට කැපවීදායක වෙමින්පවත්නාසියලූ ආයතන සංවිධාන හා වැඩසටහන්
වලට සිය සකී‍්‍රය සහ ඵලදායකදායකත්වය ලබාදෙමින් හුදු තෘප්තියපදනම්කරගෙනකටයුතු කරයි.
ජාතික යුතුකමක් ලෙස පොදු එකඟතාවක් මඟින් මෙම
ආයතන දෙක අතර සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අධ්‍යාපන හා පුහුණු කාර්ය වඩාඵලදායක සහ
අර්ථවත් වන බවට සහතිකවීම කාලීන වශයෙන් වැදගත් පියවරයක් වේ.
මෙම අවබෝධතා ගිවිසුම අනුමත කර ගැනීමෙන්පසුව අන්‍යෝන්‍ය
ශුභ සිද්ධිය හා සාර්ථකත්වය පිණිස එක්විය හැකි කාර්යමාලාවක් හඳුනා ගැනීමද; ඒවාකි්රයාත්මක
කිරීමේ අනුපිළිවෙලද දෙපාර්ශවයේ සහභාගිත්වයෙන්පෙළ ගැස්වීමඅපේක්ෂා කෙරේ. දැනටමත් පවත්වාගෙන
යන වැඩසටහන් වලට සම්බන්ධ වීම මෙන්ම නව වැඩසටහන් ආරම්භ කිරීමද දෙපාර්ශවයේ
සම්බන්ධතාවෙන්නිගමනය කෙරේ.
මූලිකපියවරක්ලෙස ORESO සංවිධානයෙන් ආරම්භ කර
ඇති අධ්‍යාපන විශිෂ්ට සේවා ප්රණාම වැඩ සටහනේ මීළඟ අවස්ථාවමේ වසරේදී ඒකාබද්ධකි්රයාකාරකමක්ලෙසපැවැත්වීමඅදහස්
කෙරේ.
මෙහිදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම
පසුගිය දිනෙක ශ්‍රී ලංකා පදනමේදී සිදු වුන අතර මෙම අවස්ථාවේ මුලසුන හොබවන ලද්දේ ORESO සංවිධානයෙන් එහි
සභාපති ජයන්ත අල්විස්,මහලේකම් එස්. මුණසිංහ, සම්බන්ධීකරන නිලධාරී පී වැලිවිට යන මහත්වරුන් වන අතර ශ්‍රී ලංකා
පදනම වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂිකා ප්‍රිමාලි විජේවීර,අධ්‍යාපන කටයුතු උපදේශක සමන්ත රත්නායක සහ ජ්‍යෙෂ්ඨ
කථිකාචාර්ය භාරත හේරත් යන මහත්ම මහත්මීන් විසිනි.
No comments:
Post a Comment