Monday, October 6, 2014

ශ්‍රී ලංකා පදනම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඉදිරි ගමනක.



2014 වසරේ මුල් කාර්තු තුන තුලින් පිළිබිඹු වන අධ්‍යාපනික කටයුතු වල කාර්ය සාධනයත් විශාල වශයෙන් ඉල්ලුම ඇති පහසුකම් සපයන ආයතනයක් වශයෙන් දිනෙන් දින ඉදිරියට ගමන් කිරීමේ පැහැදිලි ප්‍රවනතාවයක් දක්නට ඇත. එක වහලක් යට සියලු පහසුකම් සහිත රාජ්‍ය ආයතනයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ අධීක්ෂණය වන 1973 දී පාර්ලිමේන්තු පනතකින් සම්මත කර පිහිටුවන ලද; පාලක මණ්ඩලයකින් ක්‍රියාත්මක වන සුවිශේෂී ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පදනම  ජාතික නායකත්ව, අධ්‍යාපන සහ පුහුණු ආයතනය ලෙසින් ලෙස විවිධ වටිනාකම්වලින් යුතු අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දෙන පිළිගත් ආයතනයක් ලෙස පෙරමුනේ සිටී.  මෙනිසා විවධ පරාසයන්ගෙන් යුතු විෂය ආවරණයන් සහිත විවිධ අත්දැකීම් සම්භාරයක් ඒකරාශීව තිබෙන හෙයින් වැඩි වටිනාකමක් සහිත වෘත්තීය දැනුමක් ලබාදීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරනු අටියෙන් කිසිදු ආයතනයකට සම කල නොහැකි ලෙස අංශ හතකින් යුතුව ශ්‍රී ලංකා පදනමේ ගමන් මග සකස් වී ඇත. සමාජ හා ආයතනික සංවර්ධන අංශය, මනෝ විද්‍යා හා උපදේශන ඒකකය, ව්‍යාපාර හා ආයතනික සංවර්ධන අංශය, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ අංශය, භාෂා හා තොරතුරු තාක්ෂණ අංශය, ඩිජිටල් සිනමා පාසල සහ යහපැවැත්ම සඳහා වූ මධ්‍යස්ථානය යන අධ්‍යාපන අංශ ශ්‍රී ලංකා පදනම තුල මෙලෙස පිහිටුවා ඇති අධ්‍යාපනික අංශ වේ.   

ආයතනයේ ප්‍රගතිය පිලිබඳ එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරයන්ගේ මතය වන්නේ කොළඹ 7 නිදහස් මාවතේ පිහිටා ඇති සුවිශේෂී ආයතනයක් ලෙසට පමණක් නොව ජාතික නායකත්ව, අධ්‍යාපන හා පුහුණු කේන්ද්‍රය ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී සුවිශේෂී උපාය මාර්ගික ආයතනයක් ලෙස පැහැදිලි ජාතික ඉදිරි ගමනක් ගොඩනැගිය හැකි ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා පදනම  යන්නයි. 
එහි අධ්‍යාපන කටයුතු පිලිබඳ උපදේශක සමන්ත රත්නායක මහතාගේ අදහස වන්නේ, රාජ්‍ය ආයතනයක් ලෙස කාර්ය සාධනය ඉහල නැංවීමට සංයුක්ත සැලැස්මක් සහිත වැඩපිළිවෙලකින් ඕනෑම ආයතනක් ක්‍රියාත්මක වන්නේ නම්; එහි අභිවෘධිය සඳහා යන ගමන වැලක් විය නොහැක යන්නයි. එවැනි තත්වයක් තුලදී ඕනෑම ආයතනයක් දියුණු තත්වකට ලඟා වීම අරුමයක් නොවන බවට ශ්‍රී ලංකා පදනම එක් උදාහරනයක් ලෙස පෙන්වා දිය හැකිය යන්න ඔහුගේ අදහසයි.  

ශ්‍රී ලංකා පදනම තුල පාලක මණ්ඩලයට අමතරව , අධ්‍යයන මණ්ඩලය,  විභාග මණ්ඩලය,  ලේඛකාධිකාරී කටයුතු අංශය, විගණන සහ කළමණාකරන කමිටුව, මිලදී ගැනුම් කමිටුව,  යනාදී අංශ ගණනාවකින් පාලන යාන්ත්‍රනය ක්‍රියාත්මක කරනු ලබයි.  එමෙන්ම ආයතනික සමාජ වගකීම යටතේ නොමිලේ දැනුම බෙදා දීම වෙනුවෙන් වැඩමුළු, දේශන, සම්මන්ත්‍රණ සහ ව්‍යපෘති ගණනාවක් ක්‍රියාත්මක වන අතර ආයතනය තුලදී සහ ඉන් පිටතත් සමාජයේ සියලු අංශ ආවරණය වන පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.  

මෙලෙසින් තවත් ඉදිරි පියවරක් තබමින් ආයතනයේ බැහැරගත පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා පදනම ඔවින්කා ලේක් රිසොර්ට් ආයතනය එහි හවුල් කාර ආයතනය ලෙස පසුගිය දිනෙක නිල වශයෙන් සම්බන්ධ කරන ලදී. මෙනිසා ශ්‍රී ලංකා පදනම හා සම්බන්ධ  වන රාජ්‍ය සහ පුද්ගලික යන දෙපාර්ශවයටම වලට  වඩාත් විවිධත්වයෙන් යුතු පුහුණු අත්දැකීමක් ලබා ගැනීම සඳහා  ඉඩ ප්‍රස්තා මෙතුලින් විවර වීම තවත් එක වැදගත් කාරනාවකි.         


එබැවින් සියලු ශ්‍රී ලංකික ජනතාවටම ශ්‍රී ලංකා පදනමේ සාර්ථකත්වය හා  අත්වැල් බැඳ ගනිමින් ඉදිරි ගමනට හවුල් වන්නට සහය වන ලෙස මෙලෙසින් ආරාධනා කරමු.     



No comments:

Post a Comment