Saturday, October 25, 2014

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශා‍්‍රමික නිලධාරීන්ගේ සංවිධානය: ORESO සහ ශී‍්‍ර ලංකා පදනම අවබෝධතා ගිවිසුමක.


නායකත්ව අධ්‍යාපන හා පුහුණුව සඳහා වූ ජාතික කේන්ද්‍රය ලෙසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාත්මක වන රාජ්‍ය අනුබද්ධිත ආයතනයක් වන ශී‍්‍ර ලංකා පදනම නායකත්ව සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙහිමුළු වෘත්තීය ජීවිතයම ගතකළ ජ්‍යෙෂ්ඨතම අධ්‍යාපන වෘත්තිකයින් ස්වේච්ජා වෘත්තික සංවිධානයක් ලෙස කි‍්‍රයාත්මක වෙමින් උපදේශකවරුන් පුහුණුකරුවන්, ලේඛකයින්, දේශකයින් සහ පර්යේෂකවරුන් ලෙස කි‍්‍රයා කරන ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශා‍්‍රමික නිලධාරීන්ගේ සංවිධානය: ORESO යන සංවිධාන දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගිතා සම්බන්ධතාවක් ගොඩ නැගීම පිණිස අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිසයි.

ශී‍්‍ර ලංකා පදනම විවිධ ක්‍ෂෙත‍්‍ර යටතේ මානව සම්පත් සංවර්ධනය සඳහා නවීන අංගෝපාංග වලින් යුත් සිය මධ්‍යස්ථානය මඟින්යෝග්‍ය වැඩසටහන් නිර්මාණය කරමින්ඉදිරිපත් කරන අතර, ඉහළම සුදුසුකම් සහ නිපුණතා ඇති කාර්ය මණ්ඩල යොදා ගනිමින්ද අදාල පරිදි විවිධ බාහිර පාර්ශව සමඟ සහයෝගිතාවෙන්ද ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය අංශයේ විශිෂ්ටතම අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානය බවට පත්වී තිබේ.
අධ්‍යාපනපරිපාලනසේවයේ විශ‍්‍රාමික නිලධාරීන්ගේ සංවිධානය ජීවිත කාලයක්ම අධ්‍යාපන කාර්යයට කැපවී සේවයෙන් විශ‍්‍රාම ලැබීමෙන්පසුවද යාවජීව සහ සන්තතික අධ්‍යාපන කි‍්‍රයාවලියට කැපවීදායක වෙමින්පවත්නාසියලූ ආයතන සංවිධාන හා වැඩසටහන් වලට සිය සකී‍්‍රය සහ ඵලදායකදායකත්වය ලබාදෙමින් හුදු තෘප්තියපදනම්කරගෙනකටයුතු කරයි.
ජාතික යුතුකමක් ලෙස පොදු එකඟතාවක් මඟින් මෙම ආයතන දෙක අතර සම්බන්ධතාවක් ගොඩනැගීමෙන් අධ්‍යාපන හා පුහුණු කාර්ය වඩාඵලදායක සහ අර්ථවත් වන බවට සහතිකවීම කාලීන වශයෙන් වැදගත් පියවරයක් වේ.

මෙම අවබෝධතා ගිවිසුම අනුමත කර ගැනීමෙන්පසුව අන්‍යෝන්‍ය ශුභ සිද්ධිය හා සාර්ථකත්වය පිණිස එක්විය හැකි කාර්යමාලාවක් හඳුනා ගැනීමද; ඒවාකි‍්‍රයාත්මක කිරීමේ අනුපිළිවෙලද දෙපාර්ශවයේ සහභාගිත්වයෙන්පෙළ ගැස්වීමඅපේක්‍ෂා කෙරේ. දැනටමත් පවත්වාගෙන යන වැඩසටහන් වලට සම්බන්ධ වීම මෙන්ම නව වැඩසටහන් ආරම්භ කිරීමද දෙපාර්ශවයේ සම්බන්ධතාවෙන්නිගමනය කෙරේ.

මූලිකපියවරක්ලෙස ORESO සංවිධානයෙන් ආරම්භ කර ඇති අධ්‍යාපන විශිෂ්ට සේවා ප‍්‍රණාම වැඩ සටහනේ මීළඟ අවස්ථාවමේ වසරේදී ඒකාබද්ධකි‍්‍රයාකාරකමක්ලෙසපැවැත්වීමඅදහස් කෙරේ.



මෙහිදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පසුගිය දිනෙක ශ්‍රී ලංකා පදනමේදී සිදු වුන අතර මෙම අවස්ථාවේ මුලසුන හොබවන ලද්දේ ORESO සංවිධානයෙන් එහි සභාපති ජයන්ත අල්විස්,මහලේකම් එස්. මුණසිංහ, සම්බන්ධීකරන නිලධාරී පී වැලිවිට යන මහත්වරුන් වන  අතර ශ්‍රී ලංකා පදනම වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂිකා  ප්‍රිමාලි විජේවීර,අධ්‍යාපන  කටයුතු උපදේශක සමන්ත රත්නායක සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය භාරත හේරත් යන මහත්ම මහත්මීන් විසිනි.          

Monday, October 6, 2014

ශ්‍රී ලංකා පදනම අධ්‍යාපන ක්ෂේත්‍රය තුල ඉදිරි ගමනක.



2014 වසරේ මුල් කාර්තු තුන තුලින් පිළිබිඹු වන අධ්‍යාපනික කටයුතු වල කාර්ය සාධනයත් විශාල වශයෙන් ඉල්ලුම ඇති පහසුකම් සපයන ආයතනයක් වශයෙන් දිනෙන් දින ඉදිරියට ගමන් කිරීමේ පැහැදිලි ප්‍රවනතාවයක් දක්නට ඇත. එක වහලක් යට සියලු පහසුකම් සහිත රාජ්‍ය ආයතනයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ අධීක්ෂණය වන 1973 දී පාර්ලිමේන්තු පනතකින් සම්මත කර පිහිටුවන ලද; පාලක මණ්ඩලයකින් ක්‍රියාත්මක වන සුවිශේෂී ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පදනම  ජාතික නායකත්ව, අධ්‍යාපන සහ පුහුණු ආයතනය ලෙසින් ලෙස විවිධ වටිනාකම්වලින් යුතු අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දෙන පිළිගත් ආයතනයක් ලෙස පෙරමුනේ සිටී.  මෙනිසා විවධ පරාසයන්ගෙන් යුතු විෂය ආවරණයන් සහිත විවිධ අත්දැකීම් සම්භාරයක් ඒකරාශීව තිබෙන හෙයින් වැඩි වටිනාකමක් සහිත වෘත්තීය දැනුමක් ලබාදීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරනු අටියෙන් කිසිදු ආයතනයකට සම කල නොහැකි ලෙස අංශ හතකින් යුතුව ශ්‍රී ලංකා පදනමේ ගමන් මග සකස් වී ඇත. සමාජ හා ආයතනික සංවර්ධන අංශය, මනෝ විද්‍යා හා උපදේශන ඒකකය, ව්‍යාපාර හා ආයතනික සංවර්ධන අංශය, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ අංශය, භාෂා හා තොරතුරු තාක්ෂණ අංශය, ඩිජිටල් සිනමා පාසල සහ යහපැවැත්ම සඳහා වූ මධ්‍යස්ථානය යන අධ්‍යාපන අංශ ශ්‍රී ලංකා පදනම තුල මෙලෙස පිහිටුවා ඇති අධ්‍යාපනික අංශ වේ.   

ආයතනයේ ප්‍රගතිය පිලිබඳ එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරයන්ගේ මතය වන්නේ කොළඹ 7 නිදහස් මාවතේ පිහිටා ඇති සුවිශේෂී ආයතනයක් ලෙසට පමණක් නොව ජාතික නායකත්ව, අධ්‍යාපන හා පුහුණු කේන්ද්‍රය ලෙස ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී සුවිශේෂී උපාය මාර්ගික ආයතනයක් ලෙස පැහැදිලි ජාතික ඉදිරි ගමනක් ගොඩනැගිය හැකි ජාතික අධ්‍යාපන ආයතනය ශ්‍රී ලංකා පදනම  යන්නයි. 
එහි අධ්‍යාපන කටයුතු පිලිබඳ උපදේශක සමන්ත රත්නායක මහතාගේ අදහස වන්නේ, රාජ්‍ය ආයතනයක් ලෙස කාර්ය සාධනය ඉහල නැංවීමට සංයුක්ත සැලැස්මක් සහිත වැඩපිළිවෙලකින් ඕනෑම ආයතනක් ක්‍රියාත්මක වන්නේ නම්; එහි අභිවෘධිය සඳහා යන ගමන වැලක් විය නොහැක යන්නයි. එවැනි තත්වයක් තුලදී ඕනෑම ආයතනයක් දියුණු තත්වකට ලඟා වීම අරුමයක් නොවන බවට ශ්‍රී ලංකා පදනම එක් උදාහරනයක් ලෙස පෙන්වා දිය හැකිය යන්න ඔහුගේ අදහසයි.  

ශ්‍රී ලංකා පදනම තුල පාලක මණ්ඩලයට අමතරව , අධ්‍යයන මණ්ඩලය,  විභාග මණ්ඩලය,  ලේඛකාධිකාරී කටයුතු අංශය, විගණන සහ කළමණාකරන කමිටුව, මිලදී ගැනුම් කමිටුව,  යනාදී අංශ ගණනාවකින් පාලන යාන්ත්‍රනය ක්‍රියාත්මක කරනු ලබයි.  එමෙන්ම ආයතනික සමාජ වගකීම යටතේ නොමිලේ දැනුම බෙදා දීම වෙනුවෙන් වැඩමුළු, දේශන, සම්මන්ත්‍රණ සහ ව්‍යපෘති ගණනාවක් ක්‍රියාත්මක වන අතර ආයතනය තුලදී සහ ඉන් පිටතත් සමාජයේ සියලු අංශ ආවරණය වන පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.  

මෙලෙසින් තවත් ඉදිරි පියවරක් තබමින් ආයතනයේ බැහැරගත පුහුණු කටයුතු සඳහා ශ්‍රී ලංකා පදනම ඔවින්කා ලේක් රිසොර්ට් ආයතනය එහි හවුල් කාර ආයතනය ලෙස පසුගිය දිනෙක නිල වශයෙන් සම්බන්ධ කරන ලදී. මෙනිසා ශ්‍රී ලංකා පදනම හා සම්බන්ධ  වන රාජ්‍ය සහ පුද්ගලික යන දෙපාර්ශවයටම වලට  වඩාත් විවිධත්වයෙන් යුතු පුහුණු අත්දැකීමක් ලබා ගැනීම සඳහා  ඉඩ ප්‍රස්තා මෙතුලින් විවර වීම තවත් එක වැදගත් කාරනාවකි.         


එබැවින් සියලු ශ්‍රී ලංකික ජනතාවටම ශ්‍රී ලංකා පදනමේ සාර්ථකත්වය හා  අත්වැල් බැඳ ගනිමින් ඉදිරි ගමනට හවුල් වන්නට සහය වන ලෙස මෙලෙසින් ආරාධනා කරමු.     



සරසවි සිසුන්ට ලබා දෙන නායකත්ව පුහුණුවට ශ්‍රී ලංකා පදනමෙන් කැපී පෙනෙන දායකත්වයක්.

එක වහලක් යට සියලු පහසුකම් සහිත රාජ්‍ය ආයතනයක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ අධීක්ෂණය වන 1973 දී පාර්ලිමේන්තු පනතකින් සම්මත කර පිහිටුවන ලද; පාලක මණ්ඩලයකින් ක්‍රියාත්මක වන සුවිශේෂී ආයතනයක් ලෙස ශ්‍රී ලංකා පදනම  ජාතික නායකත්ව, අධ්‍යාපන සහ පුහුණු ආයතනය ලෙසින් ලෙස විවිධ වටිනාකම්වලින් යුතු අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දෙන පිළිගත් ආයතනයක් ලෙස පෙරමුනේ සිටී.  මෙනිසා විවධ පරාසයන්ගෙන් යුතු විෂය ආවරණයන් සහිත විවිධ අත්දැකීම් සම්භාරයක් ඒකරාශීව තිබෙන හෙයින් වැඩි වටිනාකමක් සහිත වෘත්තීය දැනුමක් ලබාදීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරනු අටියෙන් කිසිදු ආයතනයකට සම කල නොහැකි ලෙස අංශ හතකින් යුතුව ශ්‍රී ලංකා පදනමේ ගමන් මග සවිමත් වී ඇත. සමාජ හා ආයතනික සංවර්ධන අංශය, මනෝ විද්‍යා හා උපදේශන ඒකකය, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ අංශය, ව්‍යාපාර හා ආයතනික සංවර්ධන අංශය,  භාෂා හා තොරතුරු තාක්ෂණ අංශය, ඩිජිටල් සිනමා පාසල සහ යහපැවැත්ම සඳහා වූ මධ්‍යස්ථානය යන අධ්‍යාපන අංශ ශ්‍රී ලංකා පදනම තුල මෙලෙස පිහිටුවා ඇති අධ්‍යාපනික අංශ වේ.    

සරසවි ප්‍රවේශය ලද  සිසුන් කේන්ද්‍ර කර ගනිමින් රජය මගින් ලබා දෙන නායකත්ව පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකා පදනෙම් අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් සුවිශේෂී දායකත්වයක් එක කෙරෙමින් සිටී. උපදේශනය, මාර්ගොපදේශනය සහ ජීවන කුසලතා යන තේමා 3 යටතේ ක්‍රියාකාරකම් මත පදනම්ව  දේශන මාලාව  මගින් ඒ ඒ පුහුණු මධ්‍යස්ථාන වලදී එකී සිසුන්ට ලබා දීම සිදු කෙරේ.  මෙම ක්‍රියාවලිය විශ්ව විද්‍යාලය තුලට පිවිසෙන සිසුවාට විශ්ව විද්‍යාල තුල ඇති වෘත්තීය මාර්ගෝපදේශන, උපදේශන සේවා සහ විෂය බාහිර ක්‍රියාකාරකම් වලට යොමු වීම තුලින් සිය ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කරන මූලික දිරිගැන්වීමක් ලෙසමෙම ක්‍රියා වලිය හඳුන්වා දිය හැකිය.  එහිදී ශ්‍රී ලංකා පදනමේ සභපති මහාචාර්ය රංජිත් බණ්ඩාර, අධ්‍යාපන කටයුතු උපදේශක සමන්ත රත්නායක, ජ්‍යෙෂ්ඨ පුහුණු සම්බන්ධීකාරක අජිත් ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ආර්.  එම්.  විජේරත්න, කතිකාචරිනී ටීනා සොලම්න්ස් ඇතුළු දේශක මඩුල්ලකගේ දායකත්වයෙන් මෙම වැඩසටහන් සාර්ථක කරගැනීමට අවශ්‍ය පන්නරය ලැබෙනු ඇත. පොදුවේ ගත්කල මෙම පුහුණු වැඩසටහන තුලින් සිදු දරුදැරියන්ගේ අනාගත දිවිය සඳහා නව මං විවර කර දීමට යෝධ අඩිතාලමක්  වැටෙන බව අපගේ පිළිගැනීම වේ.