Monday, August 11, 2014

සමාජ විද්‍යා කථිකා දේශන මාලාවේ දෙවැන්න 'නිරුවත් මනස සංස්කෘතියෙන් වැසීම'

නායකත්ව, අධ්‍යාපන හා පුහුණුව  සඳහා වූ ජාතික කේන්ද්‍රය ලෙසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂනය යටතේ කටයුතු කරන ශ්‍රී ලංකා පදනම, මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ශ්‍රී ලංකාව ආසියාවේ දැනුමේ කේන්ද්‍රස්ථානය බවට පත් කරලීමේ ක්‍රියාවලියට අනුරූප වන සේ වඩාත් ක්‍රමෝපායි භූමිකාවක් ඉටුකර ලීමේ කටයුත්තට සහය දෙමින් ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පදනමෙහි කේන්ද්‍රීය අධ්‍යයයන කටයුතු විවිධ විෂය පරාසයන් ඔස්සේ ක්‍රියාත්මක වන අතර එහි එක අධ්‍යයන අංශයක් වූ "සමාජ හා ආයතනික සංවර්ධන අංශය" සමාජ විද්‍යාත්මක සහ සමාජ සංවර්ධනයට අදාල විවිධ කේෂේත්‍ර ආවරණය වන අධ්‍යයන වැඩසටහන් තුලින් සමාජ ප්‍රගමනයට් ප්‍රගමනයට දායකත්වය සැපයීමට උත්සහ දරයි.  

ශ්‍රී ලංකා පදනමේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ පූර්ණ අනුශාසකත්වය යටතේ "සමාජ විද්‍යා කථිකා" නමින් පෙළගස්වා ඇති ප්‍රසිද්ධ දේශන මාලාව අතිශය සාර්ථකත්වයට පත් වූ වැඩසටහනක් බවට  පත් වී ඇත. 


මෙම දේශන  මාලාවේ දෙවැන්න 'නිරුවත් මනස සංස්කෘතියෙන් වැසීම' යන මැයින් ඉතාමත් සාර්ථක ලෙස 2014  ජුලි මස 30 වන දින ශ්‍රී ලංකා පදනමේදී පැවැත් වුනි.  මෙහි ප්‍රධාන දේශකයා වූයේ ප්‍රවීන සාහිත්‍ය කළා විචාරක ආචර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ය. ලංකාර සඟරාවේ කතෘ කුමාර ලියනගේ මහතා ශ්‍රී ලංකා පදනමේ සමාජ හා ආයතනික සංවර්ධන අංශයේ සම්බන්දීකාරක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආර්. එම්. විජේරත්න මහතා, ශ‍්‍රි ලංකා පදනමේ අධ්‍යාපන කටයුතු උපදේශක සමන්ත රත්නායක යන මහත්වරුන් මෙහිදී සිය අදහස් පල කලහ.  

නෙස්ලේ ආයතනය සහ Oකැම්පස් ආයතනයන් මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සේවා සහ තාක්ෂණික අනුග්‍රහය ලබා දුන් අතර මූල්‍ය අනුග්‍රහය ෆ්ලික්ට් (FLICT) ආයතනය මගින් ලබාදෙන ලදී.   

No comments:

Post a Comment