Monday, August 18, 2014

ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ ශ්‍රී ලංකා පදනම අතර අවබෝධතා ගිවිසුමක්

ශ‍්‍රී ලංකා පදනම ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ කටයුතු කරන ජාතික නායකත්ව, අධ්‍යාපන සහ පුහුණු ආයතනය ලෙසින් ලෙස විවිධ වටිනාකම්වලින් යුතු අධ්‍යාපනික වැඩසටහන් හඳුන්වා දෙන පිළිගත් ආයතනයක් ලෙස පෙරමුනේ සිටී. එහි භාෂා හා තොරතුරු තාක්ෂණ අංශය විවිධ පරාසයන් ආවරණයවන අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කිරීම තුළින් පුරෝගාමී කාර්යභාරයක්  ඉටු කරමින් සිටී.
ශ‍්‍රී ලංකා පදනම තුළ විවධ පරාසයන්ගෙන් යුතු විෂය ආවරණයන් සහිත විවිධ අත්දැකීම් සම්භාරයක් ඒකරාශීව තිබෙන හෙයින් වැඩි වටිනාකමක් සහිත වෘත්තීය දැනුමක් ලබාදීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේ. එහිදී සමාජ හා ආයතනික සංවර්ධන අංශය , මනෝ විද්‍යා හා උපදේශන ඒකකය, සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ අංශය, ව්‍යාපාර හා ආයතනික සංවර්ධන අංශය, ඩිජිටල් සිනමා පාසල සහ යහපැවැත්ම සඳහා වූ මධ්‍යස්ථානය යන පුළුල් අධ්‍යාපන අංශ තුළින් මෙම දැනුම ලබාදීමට අවස්ථාව සැලසී ඇත.

ශ්‍රී ලංකාව තුල තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය තුල ඉහල මට්ටමේ වෘත්තීය ප්‍රමිතීන් ස්ථාපිත කිරීමත්, පවත්වාගෙන යාමත් යන අරමුණින් යුතුව 1976 දී ශ්‍රී ලංකා පරිගණක සංගමය පිහිටුවා ඇත.ලාභ නොලබන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන මෙම සංගමය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් සඳහා වන සම්බන්ධීකරන ආයතනය ලෙස සැලකේ. එය ජාත්‍යන්තරව තොරතුරු සැකසීම සඳහා වන ජාත්‍යන්තර සංගමයෙහි (International Federation for Information Processing- IFIP) 
සාමාජික ආයතනයක් ලෙස සහ ආසියා ශාන්තිකර කලාපයේ පිහිටුවා ඇති දකුණු අග්නිදිග ආසියා කලාපීය පරිගණක සම්මේලනයේ South East Asia Regional Computer Confederation (SEARCC) ශ්‍රී ලාංකීය නියෝජිතයා ලෙසද කටයුතු කරයි 

ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ ශ්‍රී ලංකා පදනම අතර ඇති වූ මෙම අවබෝධතා ගිවිසුම තුලින් ජාතික ආයතන දෙකක් ලෙස එක්ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය නංවාලීම සඳහා කටයුතු රාශියක් කිරීමට බලාපොරොත්තු වේ. 















ජායාරූපය : 
ශ්‍රී ලංකා පරිගණක සංගමය නියෝජනය කරමින් අජිත් සල්ගාදු -සභාපති , යසස් වී. අභයවික්‍රම- ලේකම් ,ආචාර්ය මලිත විජේසුන්දර, ආචාර්ය අජන්ත අතුකෝරල, දමිත් හෙට්ටිහේවා යන මහත්වරුන් සහභාගී වූ අතර,මහාචර්ය රංජිත් බණ්ඩාර -සභාපති, ප්‍රිමාලි විජේවීර- අධ්‍යක්ෂක මුල්‍ය සහ පරිපාලන, සමන්ත රත්නායක - අධ්‍යාපන කටයුතු උපදේශක, කෞශිකා ප්‍රේමරත්න සම්බන්ධීකාරක ශ්‍රී ලංකා පදනමේ භාෂා හා තොරතුරු තාක්ෂණ අංශය  යන මහත්ම මහත්මීන් ශ්‍රී ලංකා පදනම වෙනුවෙන් සහභාගී වුහ  

No comments:

Post a Comment